අලුත්කඩේ උසාවියේ නඩු කොටුව උසාවියට

Covid-19: අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව උසාවිය වෙත

by Staff writer 20-04-2020 | 5:42 PM

COLOMBO (News 1st) - අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.

ඒ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය පවතින ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග දැනට මතුව ඇති තත්ත්වයත් සමගිනි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, උපරිමාධිකරණ සංකිර්ණය පිහිටි ප්‍රදේශයේ කොළඹ මහාධිකරණය සහ දිසා අධිකරණවල කටයුතු ද ක්‍රියාත්මක නොවන බවයි.