by Staff writer 20-04-2020 | 12:38 PM
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ඇප මත මුදා හැර තිබේ.
ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත රන්ජන් රාමනායක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ඇප කොන්දේසි සම්පුර්ණ කරන තෙක් පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.