පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20වැනිදා

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

by Staff writer 20-04-2020 | 8:55 PM

COLOMBO (News 1st): 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තහවුරු කළේය. මැතිවරණ කොමිසම අද රැස් වූ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, සෞඛ්‍ය , තැපැල්, මුද්‍රණ ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ද සාකච්ඡා කළේය.