by Staff writer 20-04-2020 | 4:50 PM
COLOMBO (News 1st) - තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් කැනඩාවේ නෝවා ස්කොටියා ප්‍රදේශයේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 1989 වසරෙන් පසුව කැනඩාවෙන් මෙවැනි පුද්ගල ඝාතනයක් පිළිබඳ වාර්තා වූ මුල් අවස්ථාව මෙය බවයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතරට පොලිස් කාන්තාවක් ද අයත්ය .
51 හැවිරිදි තුවක්කුකරු පොලිස් නිලධාරියකු ලෙස වෙස්වලාගෙන සිටි අතර ඔහු සිය මෝටර් රථය ද පොලීසියට අයත් රථයක් සේ පෙනෙන්නට සළස්වා තිබුණි .
ප්‍රහාරකයා ද මියගොස් ඇති අතර මෙම ප්‍රහාරයට හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා වී නොමැත .
ප්‍රහාරකයා නෝවා ස්කොටියාහි ස්ථාන කිහිපයකටම වෙඩි ප්‍රහාර එල්ලකර ඇති බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට කැනඩා පොලිසිය අනතුරු අඟවමින් පවසයි.