මහ මැතිවරණයේ දිනය අද තීරණය කරයි ද?

ඡන්ද විමසීම ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

by Staff writer 20-04-2020 | 7:26 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිසම අද රැස්වෙයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මෙහිදී කොමිසමේ සාමාජිකයින් මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවය. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වනු ඇති. කෙසේ වෙතත්, ඡන්දය පැවැත්වීමේ දිනයක් තීරණය කළ හැක්කේ පවතින සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් අදාළ සියලු අංශ ලබාදෙන තක්සේරු සැළකිල්ලට ගැනීමෙන් පසුව බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.