තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගනී

UPDATE (6.58 P.M) : කොරෝනා ආසාදිතයින් ගණන 304 ක් දක්වා ඉහළට

by Staff writer 20-04-2020 | 7:00 PM

UPDATE (6.58 P.M) – අද දින තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සමස්ත ආසාදිතයින් ගණන 304 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ==============================================================

UPDATE (4.17 P.M) – අද දින තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සමස්ත ආසාදිතයින් ගණන 303 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.   ==============================================================  

Update: අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 24 දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් මීට පෙර නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, එම ආසාදිතයින් කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ බවය. ==============================================================

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔවුන් හමුවී ඇත්තේ, කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙනි. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූවේ, ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළගොස් ඇති බවයි. නව නිවේදනය පහත දැක්වේ...