කොරෝනා රෝගීන්ගෙන් 49ක් බණ්ඩාරනායක මාවතෙන්

කොටහේන, බණ්ඩාරනායක මාවතෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 49ක්

by Staff writer 20-04-2020 | 6:53 PM

COLOMBO (News 1st) - පසුගිය දින කිහිපයේ කොරොනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ කොළඹ, කොටහේන, බණ්ඩාරනායක මාවත , 146 වත්ත හුදකලා කර අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින් සිටින බව කොළඹ මහනගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කළේ මේ වනවිට එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.