මද්දකට හසු වූ කොටියා මිය යයි

මස්කෙලියේ මද්දකට හසු වූ කොටියා මිය යයි

by Staff writer 19-04-2020 | 10:17 AM

COLOMBO (News 1st) - මස්කෙලිය, ගාඩ්මෝර් වතුයායේ මද්දකට හසුව ගසකට නැග සිටියදී වනජීවි නිලධාරීන් විසින් බේරාගත් කොටියා මිය ගොස් තිබේ.

නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි නිලධාරී ප්‍රභාත් කරුණාතිලක මහතා සඳහන් කළේ, එම සත්ත්වයාගේ ශරීර අභ්‍යනත්රයේ සිදු වූ රුධිර වහනය මෙම මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ බවයි. වල් ඌරන්ට ඇටවූ මද්දකට හසුවී මෙම කොටියා මිය ගොස් ඇති බවට විශ්වාස කරනු ඇත. ප්‍රභාත් කරුණාතිලක මහතා සඳහන් කළේ, අවුරුදු 4 ක් පමණ වයසැති මෙම කොටියාගේ සිරුර මේ වනවිට රන්දෙණිගල වනජීවි කාර්යාලයේ තැන්පත් කර ඇති බවයි.