පළාත් රැසකට අද පස්වරුවේ මහ වැසි

පළාත් රැසකට අද පස්වරුවේ මහ වැසි - කාලගුණයෙන් අනාවැකි

by Staff writer 19-04-2020 | 7:14 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.