නිරෝධායනය වූ තව ත් 63 ක් අද සිය නිවෙස් වෙත

නිරෝධායනය වූ තව ත් පුද්ගලයින් 63 ක් අද සිය නිවෙස් වෙත

by Staff writer 19-04-2020 | 11:19 AM

COLOMBO (News 1st) - නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තව ත් 63 දෙනෙකු අද සිය නිවෙස් කරා පිටත්ව යනු ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 1470 දෙනෙකු රඳවා සිටින බවයි. නිරෝධායන මධ්‍යස්ථාන 19 ක් මේ වනවිට ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.