පළාත් කිහිපයකටම මහ වැසි

ඉදිරි පැය 36 තුළ පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි

by Staff writer 19-04-2020 | 4:45 PM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රි‍ක්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් ඇතිවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.