22 වෙනකම් බස්,දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

ඇඳිරි නීතිය බලපවත්වන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනය නොවේ

by Staff writer 19-04-2020 | 7:28 PM

COLOMBO (News 1st) - ලබන 22 වැනිදා දක්වා ඇඳිරි නීතිය බලපවත්වන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් ධාවනය නොකරන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

අන්තර් පළාත් බස් රථ සේවාවන් 22 වැනිදායින් පසු ක්‍රියාත්මක කෙරෙන බව ද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය