සෞඛ්‍ය උපකරණ තොගයක් චීනයෙන් මෙරටට

PCR පරීක්ෂණ කට්ටල 10,000 ක් ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් චීනයෙන් මෙරටට

by Staff writer 18-04-2020 | 7:16 AM

COLOMBO (News 1st) - PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා පරීක්ෂණ කට්ටල10,000 ක් ඇතුළු තව ත් සෞඛ්‍ය උපකරණ තොගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඒ අතර සාමාන්‍ය මුඛ ආවරණ ලක්ෂයක් ද වන බවයි. පසුගිය 28 වැනි දා සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී චීනය මෙරට කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය උපකරණ හා මුඛ ආවරණ ප්‍රදානය කළ බව භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළා ය.