සතොසෙන් ඇනවුම් කරන භාණ්ඩ තැපෑල හරහා

සතොස ශාඛාවලින් ඇනවුම් කරන භාණ්ඩ තැපැල් සේවකයින් හරහා බෙදා හැරීමට වැඩපිළිවෙළක්

by Staff writer 18-04-2020 | 8:19 AM

COLOMBO (News 1st) - සතොස අලෙවි සැල්වල භාණ්ඩ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන ගිවිසුමකට ඊයේ අත්සන් තැබූ බවය. පළමු අදියරේදී හෝමාගම, හැව්ලොක් ටවුන්, කඩවත හා මොරටුව ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කෙරෙනු ඇති. එහි සාර්ථකත්වය මත පොලිස් ඇඳිරි නීතිය පවතින සෙසු දිස්ත්‍රික්කවල ලක් සතොස ශාඛාවලින් ඇනවුම් කරන භාණ්ඩ තැපැල් සේවකයින් මාර්ගයෙන් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව තැපැල්පතිවරයා සඳහන් කළේ ය.