වැල්ලවත්තේදී පුද්ගලයකු ඝාතනය කෙරේ

වැල්ලවත්තේදී පුද්ගලයකු ඝාතනය කෙරේ

by Staff writer 18-04-2020 | 9:01 AM

COLOMBO (News 1st) - වැල්ලවත්ත, ස්වර්ණ පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදු ව ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ 34 හැවිරිදි වැල්ලවත්තේ පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.