by Staff writer 18-04-2020 | 12:41 PM
COLOMBO (News 1st) - නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තව ත් 115 දෙනෙකු අද නිවෙස් වෙත පිටත්ව යන බව යුද හමුදාව පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඒ අනුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලින් 3954 දෙනෙකු පිටව ගොස් ඇති බවය.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, කොරෝනා ආසදනය වීමෙන් මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160 ක් බවයි.
මේ අතර තව ත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.
මේ අනුව මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 77 කි.