ඩුබායි නගරයේ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

ඩුබායි නගරයේ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

by Staff writer 18-04-2020 | 8:50 AM

News 1st - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයට පැන වූ ඇඳිරි නීතිය තව ත් සතියකින් දීර්ඝ කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, කොරෝනා මර්දන විෂබීජ හරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා මෙම පියවර ගත් බවයි. එරටින් ඊයේ කොරෝනා ආසාදිතයන් 477 දෙනෙකු වාර්තා වූ අතර එරට වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 37 කි. ගල්ෆ් අරාබි කලාපයේ සෞදි අරාබියෙන් පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනි. මේ වනවිට ගල්ෆ් අරාබි කලාපයෙන් කොරෝනා ආසාදිතයන් 22,500 කට වැඩි පිරිසක් වාර්තා වන අතර කලාපයේ කොරෝනා ආසාදනයෙන් 140 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇත.