අයහපත් කාළගුණයෙන් අසරණ වූ ජනතාව

අයහපත් කාළගුණයෙන් අසරණ වූ ජනතාව

by Staff writer 18-04-2020 | 4:34 PM

COLOMBO (News 1st) - අනුරාධපුර ප්‍රදේශයට ඇඳ හැළුණු වර්ෂාවත් සමග ඇතිවූ තද සුළඟකින් නුවරවැවේ ධීවර රැකියාවේ නිරතවන ධීවර ඔරු 10 කට හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් ධීවරයින් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මසුන් අල්ලා තමන් යම් තරමකට හෝ හම්බකරගත් මුදල ද අහිමිවී ඇතැයි ද ඔවුන් පවසයි. රුපියල් 50,000 ක පමණ වටිනාකමින් යුතු ධීවර ඔරු යළි සකස් කර ගැනීමට හලාවත ප්‍රදේශයට යායුතු අතර ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටී. මේ අතර කෑගල්ල, බුලත්කොහුපිටිය, ඌරුමීවල ප්‍රදේශයේ නිවසකට වැසි සමග ඇතිවූ අකුණු ගැසීමක් හේතුවෙන් විදුලි උපකරණ කිහිපයකට අලාභානී වී තිබේ.