ග්‍රාම නිලධාරීවරුන් 5,000 ගෙවීමේ රාජකාරි යළි අරඹයි

UPDATE: ග්‍රාම නිලධාරීවරුන් 5,000 දීමනාව ගෙවීමේ රාජකාරි යළි ඇරඹීමට එකඟ වෙති

by Chathuranga Rajapaksha 17-04-2020 | 8:22 PM

COLOMBO (News 1st): රුපියල් 5,000 දීමනාව ගෙවීමේ රාජකාරි යළි ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරීවරුන් එකඟ වූ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය පවසයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පැවති සාකච්ඡාකින් පසු එම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළේය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් සියලු ග්‍රාම නිලධාරීවරුන් රුපියල් 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත් වීමට මීට පෙර තීරණය කර තිබුණි.