පළාත් කිහිපයකට අද පස්වරුවේ මහ වැසි

පළාත් කිහිපයකට අද පස්වරුවේ මහ වැසි

by Staff writer 17-04-2020 | 6:40 PM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම , වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.