COLOMBO (News 1st) : කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද කාන්තාවක CIDය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අත්අඩංගුවට ගත් 50 හැවිරිදි අදාළ කාන්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත.
