කොරෝනාවෙනු ත් කරුණාවක් නැති ඔවුන්ට වන අලි කළ දේ...

කොරෝනාවෙනු ත් කරුණාවක් නැති ඔවුන්ට වන අලි කළ දේ....

by Sagarika Chathumali 17-04-2020 | 5:40 PM
COLOMBO (News 1st) : දශක ගණනාවක් තිස්සේ වනඅලි නිසා බැට කන ජනතාවගේ ගැටලු කොරෝනා ව්‍යාප්තිය හමුවේ බලධාරීන්ට අමතකව ගොසින් ය. කුලියක් හෝ කර ගැනීමට නිවසින් එළියට යා නොහැකි තතත්වය යටතේ රජයෙන් ලැබෙන රුපියල් 5000 දීමනාවෙන් මිල දී ගත් හාල් ගෝනිය වනඅලින් කා දැමූ පුවතක් මහියංගනය දඹාන, ගුරුකුඹුර ගම්මානයෙන් වාර්තා වේ. අප වාර්තාකරු පවසන්නේ, පසුගිය දින දෙක තුළ මෙම ගම්මානයේ නිවාස 7 කට වනඅලි බරපතළ හානි සිදු කර ඇති බවයි. තව ද මෙම මාසය තුළ පමණක් වනඅලි වනසා දමා ඇති නිවාස සංඛ්‍යාව 15කට අධික ය. මෙම ගැටලුව පිළිබඳව වනජීවී නිලධාරීන්  දැනුවත් කළ ද ගැටලුව විසඳා දීමට ඔවුන් කිසිදු පියවරක් නොගන්නා බව ත් අඩුම තරමින් අලි වෙඩිල්ලක් හෝ ලබා දීමට ක්‍රියා නොකරන බවටත් ගම්වැසියෝ චෝදනා කරති. ගුරුකුඹුර ගමට වනඅලියා ආගන්තුක නොවුණත් කුලියක් කර ගැනීමට හෝ අවසර නොමැති මොහොතක ආණ්ඩුව දුන් ආධාර මුදලින් මිලදී ගත් හාල් ගෝනියත් අලියාට ම සින්න වීම දුක්ඛිත තත්ත්වයක් නොවන්නේ ද? https://www.facebook.com/NewsfirstSL/videos/2602620369981139/