ඇඳිරිනීතිය කඩ කළ 343ක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය කඩ කළ 343ක් අත්අඩංගුවට

by Staff writer 17-04-2020 | 5:58 PM
COLOMBO (News 1st) : ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 343 දෙනෙකු අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 102 කි. මේ අතර පසුගිය 20 වනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 30, 631 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 7892 කික්. මේ වනවිට දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර , පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරිනීතිය ලබන 20 වැනිදා උදෑසන 6 ට ඉවත් කරන බව පොලීසිය පවසයි.