IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Apr, 2020 | 7:25 pm

COLOMBO (News 1st): IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙනි.

පසුගිය මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2020 IPL තරගාවලිය අප්‍රේල් 15වැනිදා දක්වා පළමුව කල් දැමුණි.

නමුත් ඉන්දියාවේ සියලු කටයුතු අක්‍රීය කිරීම ලබන මැයි මස 3වැනිදා දක්වා දීර්ඝ කිරීමත් සමග මෙම තීරණයට එැළැඹි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙවර IPL තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ 13වැනි වරට වන අතර පසුගිය වසරේ පැවති තරගාවලියේ ජය හිමි වූයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]