by Staff writer 16-04-2020 | 2:43 PM
COLOMBO (News 1st) : “COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
අරමුදල පිහිටුවීමෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටුවේ සභාපති ධුරය හොබවයි.
ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා ලේකම් ධූරය හොබවයි.
මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පාරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන, වැඩබලන පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සාමාජිකයින් ඊට සහභාගී වූහ.
1.කොරෝනා මර්දනයට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සැළසීම සඳහා අවශ්‍ය හදිසි මූල්‍ය අවශ්‍යතා සැළසීම.
2.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ සහ අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා මුදල් සම්පාදනය.
3.ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටියන්, ආබාධිතයන් හා අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපයීම.
4.බෝවන රෝග අවදානම අඩු කිරීමට මහජන සෞඛ්‍ය පද්ධතිය, ග්‍රාමීය සහ දුරස්ථ බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකර්ම මධ්‍යස්ථාන හා සෞඛ්‍ය සේවා පද්ධති ඒකාබද්ධ කිරීමට අවශ්‍ය අරමුදල් ලබාදීම.
5.දේශීය අමුද්‍රව්‍ය, සම්පත්, දැනුම හා කුසලතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නිෂ්පාදන නවෝත්පාදනයට සහ දේශීය වෛද්‍ය අංශයවලට සහාය වීම.
6.මෙරට වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම සහ අත්දැකීම් භාවිතයෙන් වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ඇඳුම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ගෝලීය වෙළෙඳ පොළ වෙත සැපයීම ප්‍රවර්ධනය.
7.මාධ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් තුළින් කාබනික ආහාර පරිභෝජනය සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් සාම්ප්‍රදායික වටිනාකම් සඳහා ජීවන රටාවන් ප්‍රවර්ධනය.
8.ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමග අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය යන අරමුණු සපුරා ගැනීම අරමුදලට පැවරී ඇති කාර්යයන් වේ.