රිෂාඩ් බදුර්දීන් CID යට

රිෂාඩ් බදුර්දීන් CID යට

by Staff writer 16-04-2020 | 11:28 AM

COLOMBO ( News 1st ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ, මන්නාරමේ ඉඩම් සම්බන්ධ විමර්ශනයකට අදාළව වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සඳහායි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. රිෂාඩ් බදුර්දීන් මහතා පෙරේදා දිනයේ ද, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් දී තිබේ.