ග්‍රාම නිලධාරීන් 5000 ලබාදීමේ රාජකාරියෙන් ඉවතට

ග්‍රාම නිලධාරීවරු 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්ව වෙති

by Staff writer 16-04-2020 | 3:04 PM
COLOMBO (News 1st : )සියලු ග්‍රාම නිලධාරීවරුන් රුපියල් 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්ව තිබේ. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව විෂය භාර අමාත්‍යංශ බලධාරීන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේ ය. එහෙත්, මෙතෙක් ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත් වන බව නෙවිල් විජේරත්න මහතා පැවසී ය.