දකුණු කොරියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

කොරෝනා මධ්‍යයේ පැවති දකුණු කොරියානු මහ මැතිවරණයෙන් ජනාධිපති මුන් ජේ ඉන්ගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට ජය

by Staff writer 16-04-2020 | 1:20 PM
COLOMBO (News 1st)- කොරෝනා වෛරසයේ බලපෑම හමු‍වේ පැවැති දකුණු කොරියානු ජාතික සභා මැතිවරණයෙන් ජනාධිපති මුන්.ජේ ඉන්ගේ නායකත්‍වයෙන් යුත් පාලක පක්ෂය ජය ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජාතික සභාවේ ආසන 300න් ජනපති මුන්ජේ ඉන්ගේ නායකත්වයෙන් යුත් ඩිමොක්කොටික් පක්ෂය ආසන 163 ක් ජයගෙන ඇති බවයි. ඒ අනුව පාලක සන්ධානය ජයගෙන ඇති මුළු ආසන සංඛ්‍යාව 180 කි. විපක්ෂ සන්ධානය දිනාගත් ආසන සංඛ්‍යාව 103 කි. ජන්දය ප්‍රකාශ කිරිමට යාමේදී ඡන්දදායකයින්ට මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කිරිම, ශරීර උෂ්ණත්වය නිසි පරිදි පවතින ජන්ද දායකයින්ට පමණක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ කුටියට යාමට අවසර ලබාදීම ඇතුළු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම මධ්‍යයේ ඊයේ එරට ජාතික සභා මැතිවරණය පැවැත්විය. මේ වනවිට දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 10,591 ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 225 කි.