කර්මාන්ත යළි ඇරඹීම ගැන තීරණයක්

අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල කර්මාන්ත යළි ආරම්භ කිරීමේ තීරණයක්

by Chathuranga Rajapaksha 16-04-2020 | 10:02 PM

COLOMBO (News 1st): අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල කර්මාන්ත යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වනවිට අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙන්නේ, කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කයි. එම දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු මේ වනවිට දීර්ඝ කර තිබේ.