by Chathuranga Rajapaksha 15-04-2020 | 6:54 PM
COLOMBO (News 1st): කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල තැපැල් කාර්යාලය අසළදී නාවික හමුදාවට අයත් බස් රථ දෙකක එළවළු ලොරියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද සවස සිදු වූ අනතුරින් එළවළු ලොරියේ රියැදුරු මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
තුවාලකරුවන් 29 දෙනෙකු වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතර නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන වරකාපොල පොලීසිය විසින් පවත්වනු ලැබේ.