අද දිනයේ කොරෝනා රෝගීන් 5ක් හඳුනා ගනී

අද දිනයේ කොරෝනා රෝගීන් 5ක්: ආසාදිතයින් ගණන 238ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 15-04-2020 | 10:55 PM

COLOMBO (News 1st): අද දිනයේ කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 5 දෙනෙකු තහවුරු කරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හඳුනාගත් රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බව එම නිවේදනයේ දැක්වේ. අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 238ක් දක්වා ඉහළ ගොස් තිබේ