by Nadeeshan Meedin 14-04-2020 | 1:24 PM
යාවත් කාලීන කිරිම - පස්වරු 1.00 (14-04-2020): මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ප්‍රද්ගලයන් අතරින් තවත් තිදෙනෙකු සුවය ලබා පිටත් ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, සමස්ත ආසාදිතයන් 218 අතරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 59 ක් වන අතර, 152 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට ප්‍රතිකාර ලබයි.
එසේම, ආසාදනය වී ඇද්දැයි සැක සහිත රෝගීන් 148 කු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් 4 ක ප්‍රතිකාර ලබන අතර, සිව් දෙනෙකු අද රෝහල් වෙත යොමු කිරීමට නියමිත වේ.
සමස්ත ආසාදිතයන් අතරින් 45 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙනුත්, 44 දෙනෙකු කලුතර දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකුද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකුද වාර්තා වේ.
මේවන විට ප්‍රතිකාර ලබන්නන් අතරට එක් විදේශිකයෙකුද ඇතුළත් වන බව අදාල නිවේදනයේ සඳහන්.