by Staff writer 14-04-2020 | 3:37 PM
COLOMBO (News 1st) : වාලච්චේන, මාවඩිචේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ, පියා විසින්, දරුවන් ළිඳට තල්ලු කරන්නට ඇති බවට සැක කරන බවයි.
මියගොස් ඇත්තේ 7 හැවිරිදි ගැහැනු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකි.
මෘත ශරීර මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.