UPDATE : රාජ්‍ය මුද්‍රණාලයේ හටගත් ගින්න නිවා දැමේ

UPDATE : රාජ්‍ය මුද්‍රණාලයේ හටගත් ගින්න නිවා දැමේ

by Staff writer 14-04-2020 | 4:12 PM
COLOMBO (News 1st) 6.15PM :  බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ හටගත් ගින්න, මේ වන විට නිවා දමා තිබේ.  
  COLOMBO (News 1st) : බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ 8 ක් පිටත්කර යැවූ බවයි. මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලයාධිපතිනි, ගංගා කල්පනී ලියනගේ මහත්මියගෙන් කළ විමසීමකදී පැවසුවේ,  මුද්‍රණාලයෙන් බැහැර කෙරෙන ලේඛන ගබඩා කර ඇති ස්ථානයක ගින්න හටගෙන ඇති බවයි. ඊට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/237332024015348/