කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233ට නගී

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 14-04-2020 | 10:53 PM
COLOMBO (News 1st) : අද දිනයේ කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආාසදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට ගොස් තිබේ. අවසන් වරට වාර්තා වූ රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිතයින් ළඟින් ඇසුරු කළ පිරිස් වන අතර ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත. අනෙක් පිරිසෙන් 8 දෙනෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද සිව් දෙනෙක් මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද හඳුනා ගෙන තිබේ. අනෙක් පුද්ගලයා ද හඳුනා ගෙන ඇත්තේ, නිරෝධායන මධ්‍යස්ථානයකිනි.