කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීම ළඟදීම

කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීම ළඟදීම

by Staff writer 14-04-2020 | 8:31 AM

COLOMBO ( News 1st ) – කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීම ලබන සතියේදී කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ප්‍රමාදයකින් තොරව අදාළ එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි. කුඩා දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට ත්‍රීපෝෂ මෙන්ම විටමින් වර්ග නිවසටම ගොස් බෙදාදීමේ වැඩසටහන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරිය අදහස් පළ කළාය. ඒ පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් 072 280 95 77 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය පැවසුවා ය.