රියාජ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් 2ක් අත්අඩංගුවට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමති රිෂාඩ්ගේ සොයුරෙකු ඇතුළු සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

by Nadeeshan Meedin 14-04-2020 | 8:55 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ්ගේ සොයුහොයුරු රියාජ් අත්අඩංගුවට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක්, අද රාත්‍රියේ පුත්තලමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, අවුරුදු 40 සහ 41 යන වයස්වල පසුවන පුත්තලමේ පදිංචිකරුවන් ය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. https://www.facebook.com/NewsfirstSL/videos/1163465367324703/