අද රාත්‍රීයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි

අද රාත්‍රීයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි

by Staff writer 14-04-2020 | 6:15 PM
COLOMBO (News 1st) : දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර100 යට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවලට රාත්‍රීයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. එම අවස්ථාවල තද සුළං ද පැවතිය හැකි වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. මේ අතර මද්දුවිල්නාඩු, අලිමංකඩ සහ වන්නන්කුලම් යන ප්‍රදේශවලට අද හිරු මුදුන් විය.