සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් 

පොලීසිය අපකීර්තිවන අයුරින් දඬුවමක් පැනවූ සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

by Staff writer 13-04-2020 | 4:55 PM

COLOMBO (News 1st) :කොළඹ නාගරික රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

ඒ, මරදාන ඩාලි පාරේදී ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකුට, පොලීසීය අපකීර්තියට පත්වන ආකාරයේ දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් ය. අත් දෙක මාරුකර සිය දෙකන් වලින් අල්ලා කිහිප වතාවක් නැගී සිට වාඩිවන ලෙස එම පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ පුද්ගලයින්ට නියෝග කර තිබුණි. අණට අකීකරු වීම, අපකීර්තිදායක අන්දමින් හැසිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.