COLOMBO (News 1st) :ඩෙංගු මදුරුවන් බෝවීමේ පරිශ්‍ර පිරිසිදු කර එම අවදානම තුරන් කර ගැනීම සඳහා සහාය වන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඉල්ලීමක් කර ඇත.
පවතින වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන්, මෙම වසරේ පළමු කාර්තුවේ දී ඩෙංගු රෝගීන්ගේ පැහැදිලි අඩුවක් වාර්තා වන බව ඒ මහතා පෙන්වා දෙයි.
ඉදිරියේ දී එළැඹෙන මෝසම් වැසි හේතුවෙන්, ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවධානමක් මතුව තිබේ.
මදුරුවන් බෝවන ස්ථාන, පිරිසිදු ජලය තියෙන තැන් , වැහි පීලිවල තත්ත්වය හා නිවස අවට පරිසරය පිරිසිදුව තබාගන්න. ඔබට ඒ සඳහා විශේෂයෙන් අවස්තාවක් ලැබී තිබෙනවා ඇඳිරි නීතියත් සමග. ඔබට පුලුවන් පරිසරය හා නිවස පරීක්ෂා කරලා පිරිසිදු කරන්න.
රටේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශවලට විශාල කාර්යභාරයක් පැවරී තිබීම හේතුවෙන් ජනතාවට වගකීමක් පැවරී ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.