කොරෝනා යැයි සැක පිලිපීන නාවිකයෙකු කොළඹ වරායට

කොරෝනා යැයි සැක පිලිපීන ජාතික නාවිකයෙකු කොළඹ වරායට

by Staff writer 13-04-2020 | 5:35 PM

COLOMBO (News 1st) : විදේශීය නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන නාවිකයෙකු අද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන විත් තිබේ.

අදාළ නාවිකයා එලෙස රැගෙනවිත් තිබෙන්නෙ, අදාළ නෞකාවට සේවාවන් සපයන දේශීය සමාගමක් කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධයස්ථානයෙන් කළ ඉල්ලීමකට අනුවයි. 36 හැවිරිදි මෙම පිලිපීන ජාතිකයා, ජාත්‍යන්තර නිරෝධායන ක්‍රියාවලියට අනුව  පූර්ණ විෂබීජහරණයකට ලක්කර කොළඹ ජාතික රෝහලට යොමු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.