COLOMBO (News 1st) : පවතින ඇඳිරි නීතිය නිසා අසීරුතාවට පත්ව සිටින බොහෝ දෙනෙකුට රජයෙන් සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළත්, ඒ කිසිවක් ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ලැබී නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙරට 1,150000 පමණ ඇති ත්‍රීරෝද රථවලින් 850,000 ක් පමණ යොදාගෙන ඇත්තේ මගී ප්‍රවාහන කටයුතු සඳහායි.
මහජනයාට අවශ්‍ය සෑම අවස්ථාවකදීම සේවය ලබා දුන් ත්‍රිරෝද රථ රියදුරන්ටද සහනයක් සැලසිය යුතු බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පෙන්වා දෙයි.
නිව්ස් ෆස්ට් වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් කපිල ගලපිටගේ මහතා
ත්‍රීරෝද රථ වෘත්තිකයන් ඊට අනුයුක්ත කාර්මිකයන් සේවා ස්ථානවල සේවකයින් මහත් අපහසුතාවට පත්වී සිටිනවා,තම රැකියාව කරගැනීමට නොහැකිව, අපේ දරුවන් කුසට ආහාරයක් ඉල්ලනවා. අපේ අතේ මුදල් නැත්නම් අපි කොහොමද මේ දරුවන්ට අපි අඹුවන්ට ලබාදෙන්නේ සියලු දොනාටම ලැබෙන ඒ වරප්‍රසාදය, ත්‍රීරෝද රථ ප්‍රජාවට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. පෞද්ගලික බස් හිමියන් කොන්දොස්තරවරුන්ට ලැබනෙවා නම් ඇයි අපිට මේ විදියට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ? අපි ග්‍රාම සේවක වරයාගෙන් විසා සිටි විට මෙවැන්නක් තවම ක්‍රියාවට නංවා නැතී බව ග්‍රාමසේවක වරයා ප්‍රකාශ කර සිටිනවා.