by Staff writer 12-04-2020 | 5:50 PM
COLOMBO (News 1st) : රාගම සහ වැලිසර රෝහල්වල සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27 ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
ජා -ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කළ රාගම රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22 ක් එලෙස නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 5කු ද අද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පියවර ගැනිණ.
එම පිරිසට කාන්තාවන් 5 ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත් වෙති.