කොරෝනා වැළඳුණු බ්‍රිතාන්‍ය අගමැති රෝහලින් පිටව යයි

කොරෝනා වැළඳුණු බ්‍රිතාන්‍ය අගමැති රෝහලින් පිටව යයි

by Staff writer 12-04-2020 | 6:42 PM
COLOMBO (News 1st) : කොවිඩ් 19 ආසාදනය වූ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, රෝහලින් පිටව ගොස් තිබේ. 55 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා පසුගිය ඉරිදා ලන්ඩන්හි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරනු ලැබුවේ, කොරෝනා ආසාදනය වී දින කිහිපයකට පසුවයි. දින 3ක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍යවරයා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කෙරිණ. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදා ය.