by Staff writer 12-04-2020 | 10:20 PM
COLOMBO (News 1st): කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහයන් ආදාහනය කළ යුතු අකාරය පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුව ආදාහනය සිදු කළ යුතු බව ය.
නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ, බලධරයාගේ අධීක්ෂණය යටතේ සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය සම්පූර්ණයෙන් දැවී යනතෙක් ආදාහනය සිදු කළ යුතු බව ද මෙම ගැසට් නිවේදනයේ දැක්වේ.
මියගිය තැනැත්තාගේ මෘත දේහය නිසි බලධරයා විසින් නම් කරන ලද ආදාහන කටයුතු භාරගෙන සිටින තැනැත්තන් හැර වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු බවට ද මෙමගින් විධාන සළසා තිබේ.
මෘත දේහය හසුරුවනු ලබන තැනැත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මීනි පෙට්ටිය සමග පුළුස්සා දැමිය යුතුයි.
නැවත භාවිත කළ හැකි උපාංග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුව විෂබීජහරණය කළ යුතු බව ද, එම ගැසට් නිවේදනයේ දැක්වේ.