කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළට

by Staff writer 12-04-2020 | 2:09 PM

COLOMBO ( News 1st ) -  තවත් කොරෝනා ආසාදිතයන් 4ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළට ගොස් ඇත. කොරෝනා ආසාදිතව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 141 කි. දැනට කොරෝනා යැයි සැක සහිත රෝගීන් 154 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා ආසාදිතව මෙරට මියගිය සංඛ්‍යාව 07 කි.