by Staff writer 12-04-2020 | 5:56 PM
COLOMBO (News 1st) : ඖෂධ වට්ටෝරුවක් නොමැති කිසිදු පුද්ගලයෙකුට ඖෂධ නිකුත් නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය සියලු ඖෂධ අලෙවි සල් වෙත දැනුම්දී සිටී.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් පවසනු ලබන රෝග ලක්ෂණවලට ඖෂධ හල් විසින් කිසි විටෙකත් ඖෂධ නිකුත් නොකළ යුතු බවයි.
එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිරන්තර අවධානයෙන් පසුවන බවත්, කිසියම් ඖෂධ අලෙවි සලක් වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කරන්නේ නම්, එය දඬුවම් ලැබිය හැකි වරදක් බව ත් ආදාළ නිවේදනයේ සඳහන් ය.