COVID-19:පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාගයක්

COVID-19 රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට රුපියල් 5,000 ක මුදල් ත්‍යාගයක්

by Staff writer 11-04-2020 | 12:50 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට සිය අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ජීවිත අවදානම පිළිබඳව ද නොසළකා දැඩි කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරන ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සහ ඊට පහළ තනතුරුවල නිලධාරීන්ට රුපියල් 5,000 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

2020.03.11 වන දින සිට 2020.04.10 වන දින දක්වා සේවයේ නිරත නිලධාරීන්ට මෙම මුදල් ත්‍යාගය පිරිනැමෙනු ඇති. මේ අනුව පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 5,000/- බැගින් මුදල් ත්‍යාගයක් පිරිනැමීම පොලිස්පතිතුමා විසින් අනුමත කර එම මුදල් ගෙවීම සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබ තිබේ.