පාරේදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ

මහා මාර්ග සහ අතුරු මාර්ගවලදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ

by Staff writer 11-04-2020 | 10:20 AM

COLOMBO (News 1st): මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කරන සියලු දෙනාට මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, එසේ නොවන අවස්ථාවල ඔවුන් නැවත හරවා යැවීමට පියවර ගන්නා බවය. මෙම කටයුතු විධිමත්ව අධීක්ෂණය කරන්නැයි, සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන් බව ද, ඔහු සඳහන් කළේය. පොලිස් ඇඳිරි නීතිය බලාත්මක කාලසීමාවේ නිසි අවසර පත්‍රයක් සහිත වුවද, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.