දෙවැනි පාසල් වාරය මැයි 11 වැනිදා ඇරඹේ

දෙවැනි පාසල් වාරය මැයි 11 වැනිදා ඇරඹේ

by Chathuranga Rajapaksha 11-04-2020 | 10:10 PM

COLOMBO (News 1st): දෙවැනි පාසල් වාරය මැයි 11 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මීට පෙර දෙවැනි පාසල් වාරය ලබන 20 වැනි සඳුදා ඇරඹීමට නියමිතව තිබුණි. නමුත් කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කළ බව එම නිවේදනයේ දැක්විය.